අනතුරින් 19 හැවිරිදි තරුණයා මරුට
October 22, 2016 08:36 am
කළුතර දකුණ ප්රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.
යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ නාගොඩ, නාමල්ගම ප්රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.
මෘත ශරීරය නාගොඩ රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(22) දින සිදුකිරීමට නියමිතය.