ගුවන් පාළම් ආශ්‍රිතව රථ වාහන පෙරහුරුවක්

ගුවන් පාළම් ආශ්‍රිතව රථ වාහන පෙරහුරුවක්

October 21, 2016   03:11 pm


නුගේගොඩ සහ දෙහිවල ගුවන් පාළම ආශ්‍රිතව රථ වාහන පෙරහුරුවක් සිදුකිරීමට පොලීසිය තීරණය කර තිබේ.

ලබන 25 වැනිදා සිට 28 වැනිදා දක්වා එම පෙරහුරුව පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

එම දිනවල නුගේගොඩ සහ දෙහිවල ගුවන් පාළම් ආශ්‍රිතව පෙරවරු 7 සිට පෙරවරු 8 දක්වා කොළඹට ඇතුළු වන වාහන පමණක් ගමන් කරවීමට නියමිතය.

 පස්වරු 5.30 සිට පස්වරු 6.30 දක්වා කාලය තුළ කොළඹින් පිටවන වාහන පමණක් එම ගුවන් පාලම්වලින් ගමන් කරවීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.