කසළ තේ සමග දෙකක් අල්ලයි

කසළ තේ සමග දෙකක් අල්ලයි

October 21, 2016   03:00 pm




ලොරි රථයකින් කසළ තේ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා ගම්පොළ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අදාළ ලොරි රථයේ තිබී කසළ තේ කිලෝග්‍රෑම් 6000ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙම්මාතගම සහ වෙලම්බඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බව පොලීසිය සඳහන් කළේය.