GSP ගන්න මෝල්ටාවත් අත දෙයි
October 21, 2016 01:05 pm
ශ්‍රී ලංකාවට ජී.එස්.පී.ප්ලස් සහනය යළි ලබාගැනීම සඳහා තම රජය පූර්ණ සහය ලබාදෙන බව මෝල්ටා අග්‍රාමාත්‍ය ජෝසප් මස්කට් මහතා පවසයි.
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී මෝල්ටා අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
යුරෝපා සංගමයේ මීළඟ සභාපතිවරයා ලෙස පත්වීමට නියමිතව ඇත්තේ මෝල්ටා අග්‍රාමාත්‍ය ජෝසප් මස්කට් මහතායි.
ශ්‍රී ලංකාව සහ මෝල්ටාව අතර ද්වීපාර්ශවික සම්බන්ධතා වඩාත් ශක්තිමත් කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කරගෙන ඇති අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා ඒ සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා තිබේ.
යුරෝපා සංගමය තුළ මෝල්ටා රාජ්‍ය යෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහය ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
බෙල්ජියමේ මෝල්ටා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති මෙම සාකච්ඡාව සඳහා මෝල්ටා අග්‍රාමාත්‍යවරයා මෝල්ටාවේ සිට බෙල්ජියමට පැමිණීම විශේෂත්වයක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.