ධීවරයින් දෙපිරිසක් ගැටෙයි
October 21, 2016 12:34 pm
කල්පිටිය, කන්දකුලිය, කුරිඤ්ඤංකුලම ප්රදේශයේ දී ධීවරයින් දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
නීති විරෝධී දැල් ආම්පන්න භාවිතයට එරෙහිව සුළුපන්න ධීවරයින් පිරිසක් ඊයේ(20) සිට විරෝධතාවක නිරත වුණි.
පුත්තලම, කල්පිටිය මාර්ගය අවහිර කරමින් ඊයේ සිට අදාළ විරෝධතාව පැවැත්වෙන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
අද පෙරවරුවේ තහනම් දැල් ආම්පන්න භාවිත කරන බවට චෝදනා එල්ල වන ධීවරයින් පිරිසක් ද අදාළ විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණීමෙන් පසු ගැටුම්කාරී තත්ත්වය හටගෙන තිබේ.