සරසවි සිසුන් දෙදෙනා යතුරුපැදියෙන් අවසන් ගමන් යයි

සරසවි සිසුන් දෙදෙනා යතුරුපැදියෙන් අවසන් ගමන් යයි

October 21, 2016   12:30 pm


යාපනය, කොක්කුවිල් ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යාපනය පොලීසිය සඳහන් කළේ ඊයේ(20) රාත්‍රී අදාළ සිසුන් දෙදෙනා සාදයකට සහභාගී වී යළි යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එක් සිසුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් සිසුවා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ කලා අංශයේ තෙවන වසරේ අධ්‍යාපනය ලැබූ සිසුන් දෙදෙනෙකි.

23 හැවිරිදි සහ 24 හැවිරිදි ඔවුන් දෙදෙනා යාපනය සහ කිලිනොච්චි ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

අනතුර සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.