ඇවන්ට්ගාඩ් අවි ගැන රාජිත කීවේ බොරුද?
October 21, 2016 12:16 pm
ඇවන්ට්ගාඩ් නෞකාවේ ගබඩා කර තිබූ අවි ආයුධ එකිනෙක ගැටීමෙන් එහි අංක මැකී ඇති බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය රාජිත සේනාරත්න කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව රජයේ රස පරීක්ෂක විද්‍යාත්මක සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩී.එච්.එල්.ඩබ්ලිව් ජයමාන්න මහතා පවසයි.
එම අවි ආයුධ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාව මේවන විට අධිකරණයට යොමුකර ඇති බවත්,එම වාර්තාවේ කිසිදු තැනක අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි එහි අවි අංක මැකී ඇති බවට කිසිදු සටහනක් නොමැති බව හෙතෙම සඳහන් කළේය.
එම වාර්තාවේ සඳහන් වන්නේ මොනවාදැයි රජයේ වගකිවයුතු කිසිවෙකුට හෝ දැනගත යුතුනම් අධිකරණයේ අවසරය මත එය පරීක්ෂා කර බැලීමට හැකියාව පවතින බව ජයමාන්න මහතා අවධාරණය කළේය.
කෙසේ වුවද එම වාර්තාව තවමත් අධිකරණයේ අවධානයට හෝ ලක්නොවුණු තත්ත්වයක් තුළ ඒ පිළිබඳ අසත්‍ය කරුණු ප්‍රකාශයට පත්කිරීම පිළිබඳ තමන් කනගාටුවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.