ඇල්ල තරුණයාගේ ඝාතන සැකකරුවන් 2ක් අල්ලයි
October 21, 2016 10:25 am
ඝාතනය කර තිබියදී සොයාගත් ඇල්ල, බල්ලකෙටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ තරුණයා පසුගිය 18 වනදා සිට අතුරුදන්ව ඇති බවට ඔහුගේ මව විසින් ඇල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
පසුව කැපුම් තුවාල සහිතව අදාළ තරුණයාගේ මළ සිරුර මාඋස්සාව, පහල ගඟේ තිබියදී සොයා ගැණුනු අතර එය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීරණය කර තිබූ බව පොලීසිය පැවසුවේය.
ඒ අනුව සිදු කළ විමර්ශනයේදී 37 හැවිරිදි සහ 44 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රේම සම්බන්ධතාවක් මත සිදු වූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව වාර්තා වෙයි.
සැකකරුවන් රැදවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට ඇල්ල පොලීසියට අධිකරණ අවසරය හිමිව තිබේ.