දඹුල්ල මූලික රෝහල උකුසු ඇසට ලක්වූ වගයි!
October 9, 2016 11:47 am
මේ දඹුල්ල මූලික රෝහලේ අංක එක වාට්ටුවයි.
මෙහි තුවාලකරුවන් හා ශල්‍යකර්ම වලට භාජනය කිරීමට නියමිත රෝගීන් මෙන්ම ශල්‍යකර්මවලට භාජනය කළ රෝගීන්ද නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
එහෙත් මෙහි ප්‍රතිකාර ලබන රෝගීන්ට එහි සිටීමට මූලික පහසුකම්වත් නොමැතිව අපාදුක් විඳින බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණය වුණා.
ඒ අනුව එහි ගිය උකුස්සාට දැකගත හැකි වුණේ රෝගීන් බහුතරයකට රෝහලේ ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා එළිමහනේ මෙම රෝගීන්ට දිවා රාත්‍රිය ගෙවීමට සිදුවීමත් සෑම වාට්ටුවක්ම පාසා දැඩි අපිරිසිදු කමක් පවතින ආකාරයයි.
එසේම රෝහල්වල වාට්ටු තුළ රෝගීන් සමග සුනඛයින් ගැවසීමෙන්ද රෝහලේ තත්ත්වය මනාව තේරුම්ගත හැකියි.
උකුස්සා වැඩිදුරටත් කළ සොයා බැලීමේදී අනාවරණය වුණේ රෝහලේ පිහිටි බොහෝමයක් වැසිකිලි ද දැඩි අපිරිසිඳු බවකින් යුක්ත බවයි.
එමෙන්ම වැසිකිලි වලවල් උතුරා ගොස් දැඩි දුර්ගන්ධයක්ද පවතින බවක් මෙහිදී උකුස්සාට අනාවරණය වුණා.
වසර ගනනාවක සිටම පවතින මේ බරපතළ තත්ත්වය පිලිබඳව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි ගාමිණි සේනානායක මහතාගෙන්,මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම මහතාගෙන් කළ විමසීමකදී ඔවුන් තම අදහස් පළ කළා.
බදුල්ල් රෝහලට පැමිණෙන රෝගීන් අසාධ්‍ය රෝගීන් බවට පත්වන මේ විනාශකාරී පරිසරය වෙනස්වන්නේ කවදාද ?
එතෙක් අද දෙරණ උකුස්සා අවධානයෙන්.