පකිස්ථානයේ භූ කම්පනයක්
සයුරෙන් එතෙර

පකිස්ථානයේ භූ කම්පනයක්

October 1, 2016   05:59 pm





පකිස්ථානයේ භූ කම්පනයක් හටගෙන තිබේ.

රිච්ටර් මාපකයේ ඒකක 5.5 ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර, වයඹ දිග පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයේ කොටසක් සහ උතුරු පන්ජාබය මෙම භූ කම්පනයේ බලපෑමට ලක්ව ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් භූ කම්පනයෙන් ජීවිත හානි හෝ දේපල හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව පකිස්ථාන වාර්තා සඳහන් කළේය.