තියුණු ආයුධයකින් පහරදී මරුට

තියුණු ආයුධයකින් පහරදී මරුට

October 1, 2016   05:52 pm




කුරුණෑගල, ඇත්කඳ විහාරස්ථානයේ සමථ මණ්ඩල රැස්වීමකදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

කුරුණෑගල ඇත්කඳ විහාරස්ථානයේදී අද(01) දෙපිරිසක් අතර පැවැති ඉඩම්  ආරවුලක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් විභාගයට ගෙන තිබේ.

එහිදී  ඉඩම් ගැටළුවට අදාළව චෝදනා එල්ල වී සිටින පුද්ගලයා විසින් පැමිණිලිකරුට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර එම ස්ථානයේම ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ කුරුණෑගල, විල්ගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් වන අතර කුරුණෑගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.