ලොරිය දුම්රියේ ගැටී 2ට තුවාලයි

ලොරිය දුම්රියේ ගැටී 2ට තුවාලයි

October 1, 2016   04:31 pm



රාගම, බටුවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබේ.

මහව සිට කොළඹ කොටුව දෙසට ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක කුඩා ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

තුවාලකරුවන් උඩුගම්පොල සහ කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

අනතුර සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.