රක්ෂිතයට ගිනි තියලා මාට්ටු

රක්ෂිතයට ගිනි තියලා මාට්ටු

October 1, 2016   02:39 pm



බදුල්ල , හාලිඇළ ප්‍රදේශයේදී රක්ෂිත ප්‍රදේශයකට ගිනි තබමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඌව දිසා වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද(01) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර මීට පෙරද රක්ෂිත ප්‍රදේශවලට ගිනි තැබූ පුද්ගලයින් 07 දෙනෙකු ඇල්ල සහ පස්සර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නඩු පැවරීමට පොලීසිය කටයුතු කර ඇති බව සඳහන්ය.