කේරළ ගංජා සමග 5ක් කොටු

කේරළ ගංජා සමග 5ක් කොටු

October 1, 2016   02:37 pm



ප්‍රදේශ දෙකකදී කේරළ ගංජා සමග පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 04ක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා නිලධාරීන් සහ මන්නාරම පොලිස් නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදී ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ අදාළ ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදුන් බව නාවික හමුදාව පැවසුවේය.

මේ අතර තංගල්ල, හුංගම ප්‍රදේශයේදී කේරළ ගංජා  කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 500ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කිරින්ද වෙරළාරක්ෂක බලකායට අනුයුක්ත නාවික නිලධාරීන්ට ලද තොරතුරක් මත සූරියවැව පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ අදාළ ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා හුංගම පොලීසිය වෙත භාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.