ජය දකුණු අප්‍රිකානුවන්ට

ජය දකුණු අප්‍රිකානුවන්ට

October 1, 2016   12:37 pm



 සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර  පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 06ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේයාවට ලබා දුනි.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් බිදවැටී ලකුණු 294ක් ලබා ගත්තේය.

එහිදී ජෝජ් බෙයිලි ලකුණු 74 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 02ක් අවසානයේ කඩුලු 04ක් බිඳ වැටී ලකුණු 295ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

මෙහිදී කුවින්ටන් ඩී කුක් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණූ 178ක් ලබා ගත් අතර ඊට 6 පහර 11ක් සහ 4 පහර 16ක් ඇතුළත් වුණි.