අනතුරින් 1ක් මරුට

අනතුරින් 1ක් මරුට

October 1, 2016   11:22 am




සියඹලාණ්ඩුව - පොතුවිල් මාර්ගයේ 20 කණූව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුව 20 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි අයෙකි.

අනතුර සිදු කළ යතුරුපැදිකරු පොලිස් ආරක්ෂාව යටතේ සියඹලාණ්ඩුව රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

අනතුර සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.