නීති විරෝධීව වැලි ගොඩදැමූ 6ක් මාට්ටු
October 1, 2016 11:13 am
මහවැලි ගඟේ සේරුනුවර, නිලපොල, මඩල්තෙට්ටි ප්රදේශයේදී නීති විරෝධී ලෙස වැලි ගොඩදැමූ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යය බලකායේ කන්තලේ කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
එහිදී ඔවුන් සතුව තිබූ ට්රැක්ටර් රථ 06ක්, වැලි පිරවූ ටේලර් 06ක් සහ තවත් උපකරණ කිහිපයක් පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා සේරුනුවර පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේය.