වත්මන් ආණ්ඩුව අසාර්ථකයි

වත්මන් ආණ්ඩුව අසාර්ථකයි

October 1, 2016   07:51 am



වත්මන් ආණ්ඩුව සෑම කාර්යයකින්ම අසාර්ථක වී ඇති බව දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ ආර්ථිකය පමණක් නොව අනෙකුත් කාර්යයන් වලින්ද ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි.

නුවර ප්‍රදේශයේදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් දිලුම් අමුණුගම මහතා මේ බව කියා සිටියේය.

මේ අතර වත්මන් ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක් බවට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත මහතාද පවසයි.

ජාතික සම්පත් විකිණීම මගින් රටේ ආදායම් තත්වය සම්පූර්ණ කරගැනීමේ අසාර්ථක උත්සාහයක  වත්මන් ආණ්ඩුව නියැලෙමින් සිටින බව හෙතෙම පෙන්වා දෙයි.