ඇතැම් පිරිස් සාවද්‍ය මත ප්‍රකාශ කරනවා

ඇතැම් පිරිස් සාවද්‍ය මත ප්‍රකාශ කරනවා

September 30, 2016   09:16 pm


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සාවද්‍ය මත ප්‍රකාශ කරන බව එහි සභාපති නීතීඥ ලාල් විජේනායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් සහ අන්‍යාගමික නායකයින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇති බවයි.

මල්වතු පාර්ශවයේ  මහානායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි බැහැදැකීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලාල් විජේනායක මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව බුද්ධාගමට ලබාදී ඇති මුල් තැන ඉවත් කරන බවට පවතින කටකතා අසත්‍ය බවයි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද ස්ථාවර ප්‍රකාශයක් සිදුකර ඇති බව ලාල් විජේනායක මහතා සඳහන් කළේය.