ළමා දිනය‍ට සත්වෝද්‍යාන නොමිලේ නරඹන්න අවස්ථාවක්

ළමා දිනය‍ට සත්වෝද්‍යාන නොමිලේ නරඹන්න අවස්ථාවක්

September 30, 2016   11:21 am




හෙටට(01) යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය නොමිලේ නැරඹීමට කුඩා ළමුන්ට අවස්ථාව ලබාදීමට තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී.ජයසේන මහත්මිය සඳහන් කළේ වයස අවුරුදු 12න් පහළ සියලුම ළමුන්ට මේ අවස්ථාව හිමි වන බවයි.

මීට අමතරව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ලෝක ළමා දිනය වෙනුවෙන් හෙට දිනයේ එම සත්වෝද්‍යානවල විවිධ තරග සහ විනෝද ක්‍රීඩා රැසක් සංවිධානය කර ඇති බව ඇය සඳහන් කළාය.

 හෙට පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා එම තරග පැවැත්වෙන අතර ඊට සහභාගී වන සියලුම දරුවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති බව තිරසාර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජි.ජයසේන මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.