ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළැයි පාසල් සිසුවෙක් මාට්ටු

ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළැයි පාසල් සිසුවෙක් මාට්ටු

August 29, 2016   05:23 pm



ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 17 හැවිරිදි පාසල් සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කඩුගන්නාවේදී එම සිසුවා අද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

ඉකුත්  සතියේ අවස්ථා දෙකකදී ජනපති නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ කණ්ඩායමක් එහි දත්ත වෙනස් කර තිබූ බව සඳහන්ය.

කෙසේවෙතත් මේ වන විට එම වෙබ් අඩවිය යථා තත්ත්වයට පත්කර තිබේ.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය ද විමර්ශනයක් ආරම්භ කර තිබිණ.