ආණ්ඩු නියෝජිතයින්ගේ ලැජ්ජා නැතිකම පැහැදිලියි

ආණ්ඩු නියෝජිතයින්ගේ ලැජ්ජා නැතිකම පැහැදිලියි

August 29, 2016   12:00 am



විදේශීය නායකයින්ගේ පැමිණීමට සාපේක්ෂව  ලංකා නායකයින් විදෙස් සංචාර සඳහා එක් වන බවත්, එන එන පාරට සහ යන යන පාරට ලංකාවේ සිටින නායකයින් විසින් ඔවුන්ගෙන් ණය ඉල්ලන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

වර්තමාන ආණ්ඩු නියෝජිතයින්ගේ ලැජ්ජා නැතිකම ඉන් පැහැදිලිවන බවත්, ඔවුන් ලැජ්ජා නහරය කපා තලා දමා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම වත්මන් රජය විසින් විදේශීයන්ට ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව සමග එක්වන ලෙස ආරාධනා කරන බවත්, ලංකාවේ තත්ත්වය දන්නා පිරිස් ආයෝජනය කිරීමට නොපැමිණෙන බවත් ඔහු පවසයි.

එමෙන්ම ඒ සමගම විදේශ විනිමය පිළිබඳව ප්‍රශ්න මතු වන බවද ඔහු පෙන්වා දෙයි.

වර්තමාන රජය විසින් මුලදීම අඩු පඩියකට වැඩ ගන්න සැලසුම් කළ බවත්, වැඩ කරන පඩියට අඩුවෙන් ගෙවා වැඩියෙන් වැඩ ගැනීමට ඔවුන් කටයුතු කරන බවත් ඔහු පවසයි.

ඊට කදිම අවස්ථාව ලෙස ඔවුන් විසින් එට්කා ගිවිසුම රැගෙන එන බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

මේ මගින් සිදු වන්නේ වැඩ කරන පඩියට අඩුවෙන් ගෙවා වැඩියෙන් වැඩ ගැනීම බව ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හේතුවෙන් එම ගිවිසුමට විරෝධය පා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය හා විවිධ ඉංජිනේරු සංගම් විවිධ දෑ ක්‍රියාත්මක කලද  එම ක්ෂේත්‍රයන් ඉන් ඉවත් කර දෙන බව පැවසීමත් සමග ඔවුන්ද එට්කා ලස්සන කිරීමට ආණ්ඩුව සමග සාකච්ඡා කරන බව ඒ මහතා පවසයි.