ඩිල්ෂාන් සමුගනියි - ඔස්ට්‍රේලියාව ජයගනියි

ඩිල්ෂාන් සමුගනියි - ඔස්ට්‍රේලියාව ජයගනියි

August 28, 2016   10:34 pm




ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරඟාවලියේ තෙවැනි තරඟයෙන් කඩුළු 2ක තියුණු ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය.

ඒ ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 227ක ඉලක්කය කඩුළු 8ක් දැවී තිබියදීය.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 46 වැනි අවසන් පන්දුවට එල්ල කළ පහරත් සමග එම ජයග්‍රහණය තහවුරු විය.

මෙම තරඟයේදී ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් ජෝජ් බේලි ලකුණු 70ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලබාගත් ලකුණු 102 හා සිය අවසන් එක්දින ක්‍රිකට් තරඟයට සහභාගි වූ තිලකරත්න ඩිල්ෂාන් ලබාගත් ලකුණු 42ක කැපී පෙනුණි.

පන්දුවෙන් දස්කම් පෑ ඇන්ජලෝ මැතිව්ස්, දිල්රුවන් පෙරේරා හා අමිල අපෝන්සෝ කඩුළු 2ක බැගින් දවා ගැනීමට සමත් විය.

ඒ අනූව තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලිය 2ට 1ක් ලෙස ඉදිරියෙන් සිටීමට ඔස්ට්‍රේලියාව සමත්ව සිටියි.

තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් තරඟයවීමත් හේතුවෙන් දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩා ලෝලින්ට සිය ආචාරය පිරිනමමින් ක්‍රීඩාගාරය වෙත යන අයුරුද අවසානයේදී දැකගත හැකිවිය.