නීති විරෝධී ලෙස මැටි ප්‍රවාහනය කළ 3ක් මාට්ටු
August 28, 2016 07:43 pm
නීති විරෝධී ලෙස මැටි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් 03 ක් සමග සැකකරුවන් තිදෙනෙකු පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පල්ලම නගරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලම නගරයේ සහ පල්ලම - තුක්කිනියාගම පදිංචිකරුවන් තිදෙනෙකි.
පොලිස් භාරයට ගෙන ඇති ට්රැක්ටර්වල ඇත්තේ දැදුරුඔය ඉව්රෙන් කපන ලද මැටි බවට සැක කරන බව වැටලීම කළ නිලධාරීන් පවසයි.
දැදුරුඔය හෝ ඒ ආශ්‍රිතව වැලි සහ මැටි කැපීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කර ඇති අතර,දැදුරුඔය අවට වැලි සහ මැටි ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ලබා දීමක්ද සිදු නොවන බව වාර්තා වෙයි.
සැකකරුවන් සහ ට්‍රැක්ටර් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.