පාසලේ මුල්ගල තැබීමේ උත්සවයට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය
August 28, 2016 06:54 pm
වත්තල, ඔලියමුල්ල ප්‍රදේශයේ පාසලක් සඳහා මුල්ගල තැබීමේ උත්සවයකට ප්‍රදේශවාසින් පිරිසක් විරෝධතාවය පළ කර තිබේ.
සංචාරක සංවර්ධන, ඉඩම් හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
විරෝධතාවයේ නිරත පිරිස් සඳහන් කළේ මෙම පාසල ඉදිකිරීමට පෙර සිය නිවාස ගැටළුවට විසඳුම් ලබාදිය යුතු බවයි.