SAITM විරෝධයට මව්පියන් සහය දෙයි

SAITM විරෝධයට මව්පියන් සහය දෙයි

August 28, 2016   05:55 pm



මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් ආරම්භ කර ඇති සත්‍යග්‍රහ ව්‍යාපාරයට සහය පළ කිරීමට එම සිසුන්ගේ මව්පියන් තීරණය කර තිබේ.

 ඒ අනුව අද(28) දිනයේ සිට මව්පියන් ද එම සත්‍යග්‍රහයට එක්වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

 ගලහ මංසන්ධියේ ක්‍රියාත්මක කර ඇති මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයට අදට දින 209ක් ගතවන බව සඳහන්ය.

මේ වන තෙක් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් නිසි විසඳුමක් බලධාරීන් විසින් ලබානොදීම හේතුවෙන් සිසුන් ආරම්භ කළ සත්‍යග්‍රහයට සිය සහයෝගය ලබාදීමට තීරණය කළ බව මව්පියන් පවසයි.