ආණ්ඩුවේ ප්‍රතිපත්තිය දැන ගන්න ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය දැන ගන්න ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

August 28, 2016   05:14 pm



මර්දනය හේතුවෙන් විදේශගත වීමට බල කෙරුණු සියලු දෙනාගේ අයිතීන් පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පැහැදිලි කර ගැනීමට සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, කලාකරුවන් හා වෘත්තිකයන් ඇතුළු පිරිසක් අත්සන් කළ ලිපියක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයා වෙත භාර දී තිබේ.

මෙහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාගේ පුරවැසි අයිතිය සහ දේශපාලන අයිතිය සම්බන්ධයෙන්ද සාකච්ඡාවක් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

කුමාර් ගුණරත්නම් මහතාට ලංකාවේ පුරවැසිභාවය ලැබීමට සහ ලංකාවේ දේශපාලන කටයුතු වල නිරත වීමට ඇති අයිතිය මේ වනවිට උදුරාගෙන ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙයි.

ඒ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බවටද, දේශපාලන මර්දනයේ ගොදුරු බවට පත්වූවන්ට යුක්තිය ඉටු කරන බවටද, දෙන ලද පොරොන්දු උල්ලංඝණය කරමින් බව ඔවුන් පවසයි.

මෙම තත්ත්වය යටතේ කුමාර් ගුණරත්නම් මහතා ඇතුළු මර්දනය හේතුවෙන් විදේශගත වීමට බල කෙරුණු සියලු දෙනාගේ අයිතීන් පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පැහැදිලි කර ගැනීමට අපේක්ෂා කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙයි.