බස්-වෑන් අනතුරින් 12ක් රෝහලට

බස්-වෑන් අනතුරින් 12ක් රෝහලට

August 28, 2016   04:42 pm



හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, කඩවල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

හැටන් සිට කොළඹ දෙසට ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක්, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අනතුරෙන් තුවාල ලැබු පුද්ගලයින් 12 දෙනෙකු ප්‍රතිකාර සඳහා ගිනිගත්හේන රෝහලට ඇතුළත් කර තිබේ.

බරපතළ තත්ත්වයේ පසුවු එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහලට මාරුකර යවා ඇති බව සඳහන්ය.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.