අමෙරිකානු නෞකාවක් හෙට දිවයිනට
August 28, 2016 03:33 pm
අමෙරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් හෙට(29) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ යු.එස්.එස්. ෆ්රෑන්ක් කේබල් නමැති නෞකාව හෙට දිනයේ ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.
මේ වසර තුළ මෙරටට පැමිණෙන තෙවන අමෙරිකානු නෞකාව මෙය වෙයි.
මීට පෙර යු.එස්.එස්.බ්ලු රිච් සහ යු.එස්.එස්.නිව් ඕලන්ස් නමැති නෞකා දිවයිනට පැමිණියේය.
හෙට දිනයේ දිවයිනට පැමිණීමට නියමිත "ෆ්රෑන්ක් කේබල්" නෞකාවේ කාර්යය මණ්ඩලය 500 දෙනෙකුගෙන් සමන්විත වන අතර මෙය සබ්මැරීන සඳහා සේවා සපයන නෞකාවක් වන බව ද සඳහන්ය.