නීති විරෝධීව මසුන් මැරූ 7ක් කොටු

නීති විරෝධීව මසුන් මැරූ 7ක් කොටු

August 28, 2016   03:30 pm




නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් හත් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 පරෙවි දූපතට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී ඔවුන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

 එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, නීති විරෝධී දැලක් සහ පාවරල් යුගලක් ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

 අත්අඩංගුවට ගත් ධීවරයින් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුච්චවේලි පොලිස් ස්ථානයට භාරදුන් බව නාවික හමුදාව පැවසුවේය.