මිලියන 80ක වෛද්‍ය උපකරණ ලැබෙයි

මිලියන 80ක වෛද්‍ය උපකරණ ලැබෙයි

August 28, 2016   02:56 pm




ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අංග සම්පූර්ණ ජංගම රෝහල් 04ක් ඇතුළු රුපියල් මිලියන 80ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබේ.

හදිසි ආපදා තත්ත්වයන් සඳහා අවශ්‍යවන වෛද්‍ය උපකරණ සහ ජංගම රෝහල් මෙලෙස පරිත්‍යාග කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේය.

කායික වෛද්‍ය උපකරණ, ශල්‍ය වෛද්‍ය උපකරණ, ශීත කළ බහාලුම් යන්ත්‍ර, රෝහල් ගෘහ භාණ්ඩ සහ රෝගී සත්කාරක සේවාවන් සඳහා අවශ්‍ය උපකරණ රැසකින් මෙම ජංගම රෝහල් සමන්විත වන බව සඳහන්ය.