සරුංගල් යවන්න ගිහින් අවසන් ගමන් යයි

සරුංගල් යවන්න ගිහින් අවසන් ගමන් යයි

August 28, 2016   02:54 pm



අගුලාන ප්‍රදේශයේදී මුහුදේ ගිළී මිය ගිය පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මොරටුව පොලීසියට ලද තොරතුරක් මත එම මල සිරුර සොයා ගෙන ඇති බව සඳහන්ය.

පසුගිය 26 වනදා අදාළ සිසුවා තම දෙමාපියන් සමග සරුංගල් යැවීම සඳහා අගුලාන ප්‍රදේශයේ මුහුදු තීරයට ගිය අවස්ථාවේ රළ පහරකට හසුව මුහුදේ ගසා ගෙන ගොස් තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ අගුලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙක් වන අතර මොරටුව පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.