කාසියේ වාසිය ශ්‍රී ලංකාවටයි

කාසියේ වාසිය ශ්‍රී ලංකාවටයි

August 28, 2016   02:23 pm


සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස එය පැවැත්වීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ආරම්භ පිතිකරු ටී.එම් ඩිල්ෂාන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සටහන් කරන තරගය වන්නේ ද මෙයයි.