සුජානිට බර ඇපයක්

සුජානිට බර ඇපයක්

August 26, 2016   10:26 pm


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ගවර්ස් කොපරේෂන් හි  සාමාන්‍යාධිකාරි බව පැවසෙන සුජානි බෝගොල්ලාගම කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා  විසින් අද (26) බර  ඇප කොන්දේසි මත මුදා හැර තිබේ.

නාමල් රාජපක්ෂ මහතාගේ එන් ආර් කන්සල්ටන්ස් හා ගවර්ස් කොපරේෂන් සමාගම් දෙකේ රුපියල් මිලියන 45 ක වංචාවක් සම්බන්ධයෙන්  ඇය අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු එසේ ඇප නියම කර ඇත.

ඒ අනූව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා  රුපියල් ලක්ෂ සියය බැගින් වු ශරිර ඇප 4 ක් මත ඇය මුදා  හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඇගේ විදෙස් ගමන් තහනම් කර තිබේ.

එසේම සාක්කිකරුවනට  බලපැම් නොකරන ලෙසත් මසකට  වරක් පොලිසියේ පෙනී සිටින ලෙසටත් නියෝග කර ඇත.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.