යාපනයේදී ජංගම උපදේශන සේවාවක්

යාපනයේදී ජංගම උපදේශන සේවාවක්

August 26, 2016   05:28 pm






යාපනය, නල්ලූර් ප්‍රදේශයේදී ජංගම උපදේශන සේවාවක් ක්‍රියාත්මක කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

නල්ලූර් කෝවිලේ පැවැත්වෙන ආගමික උත්සවයට සමගාමීව ලබන 28 වනදා සිට 31 වනදා දක්වා මෙම උපදේශන සේවාව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ලේඛන සහතික කිරීම, අතරමන් වූ ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම, විවාහ හා මරණ පිළිබඳ තොරතුරු ලබා ගැනීම, විදේශ රටවලදී මියයන ශ්‍රී ලාංකකයින්ගේ මෘත ශරීර ගෙන්වා ගැනීමේ කාර්යය පටිපාටිය යනාදිය පිළිබඳ මෙම ජංගම සේවාව හරහා තොරතුරු දැනගැනීමේ අවස්ථාව ජනතාවට හිමි වන බව සඳහන්ය.

එමෙන්ම ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ තොරතුරු ඇතුළු  ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනු ලබන සේවා පිළිබඳව ද එහිදී තොරතුරු ලබා ගත හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.