මුහුදට අපද්‍රව්‍ය දැමීම වැළැක්වීමට නව නීති
August 25, 2016 03:46 pm
ධීවර කටයුතු සඳහා පිටත්ව යන බහුදින ධීවර යාත්‍රා මගින් මහමුහුදට අපද්‍රව්‍ය දැමීම වැළක්වීම සඳහා වහාම නව නීති හඳුන්වා දෙන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතාට උපදෙස්දී තිබේ.
අමාත්‍යවරයා පවසා ඇත්තේ එම නීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.
බහුදින යාත්‍රාවක් ගොඩබිමින් පිටත්ව යාමට පෙර එම යාත්‍රාවේ ගෙනයන භාණ්ඩ පිළිබඳව අවධානය යොමු කර නැවත එම බහුදින යාත්‍රාව ගොඩබිමට ළඟා වීමේදී රැගෙන ගිය භාණ්ඩ තිබේ දැයි නිසි ලෙස සොයා බැලිය යුතුය .
පොලිතින් හා ප්ලාස්ටික් වතුර බෝතල් වැනි අපද්‍රව්‍ය දැමීම සඳහා සෑම බහුදින ධීවර යාත්‍රාවක් සඳහාම බදුනක් හඳුන්වාදීමේ දැඩි අවශ්‍යතාව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදී ඇත.
ගොඩබිමට රැගෙන එන එම අපද්‍රව්‍ය රැස්කර බැහැර කිරීම සඳහා පළාත් පාලන ආයතන සමග එක්වී විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට සැලසුම් කර ඇත.
විශාල වශයෙන් අපද්‍රව්‍ය සාගරයට එක්වීමෙන් කොරල් පර ඇතුළු සාගර සම්පතට වන විනාශයෙන් අතිශය වැදගත් සාගර පාරිසරික පද්ධතිය ආරක්ෂා කරගැනීම පිළිබද අවධානය යොමු කර මෙම නව නීති හඳුන්වා දීමට තීරණය කර තිබේ.