ත්‍රස්තවාදය නාමයෙන් එවැනි දෑ සිදුවුණා

ත්‍රස්තවාදය නාමයෙන් එවැනි දෑ සිදුවුණා

July 29, 2016   05:20 pm




ත්‍රස්තවාදය යන ‍විශාල ලේබලයට යටත්ව පසුගිය කාලයේ පෞද්ගලික තරහ පිරිමසා ගැනීම්ද සිදුවූ බව අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා පවසයි.

ඉඩම් ආරවුල්, මුදල් ආරවුල් සහ පවුල් ආරවුල් ද ඊට නිදසුන් බව ඒ මහතා පෙන්වාදෙයි.

නමුත් එම සියල්ල අතීතයේ කොටසක් බවත්, අපි ඒ ගැන නැවත හැරී  සිදුවූයේ කුමක්දැයි බැලිය යුතු බවත්, අගමැතිවරයා කියයි.

එය අපේ හැඟීම්වලට අමතන්න ඇති එකම ක්‍රමය බවද අගමැතිවරයා කොළඹදී පැවැති උත්සවයකදී පැවසීය.