අපි දේශපාලනයට ඉහළින් යන සංවිධානයක්

අපි දේශපාලනයට ඉහළින් යන සංවිධානයක්

July 26, 2016   05:46 pm



බුදු දහම, බුද්‍‍ධ ශාසනය වෙනස් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසයි.

ව්‍යවස්ථා සංශෝධනය මගින් බුදුදහමට ඇති ප්‍රමුඛස්ථානය වෙනස් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, පවත්නා ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුත්තේ 13 වැනි සංශෝධනය බවත්, උන්වහන්සේ කියයි.

ව්‍යවස්ථා සංශෝධනය ගැන ඩිව් ගුණසේකර පවසන කතා අපට අදාළ නැති බවත්, ඔහුගේ පක්ෂය දියාරු පක්ෂයක් බවත්, බෙංගමුවේ නාලක හිමියන් අවධාරණය කරයි.

ජාතික හිමිකම් සංවිධානය නමින් අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ අදහස් පළ කළේය.

මියගිය, අතුරුදන් වූ රණවිරුවන් වෙනුවෙන් සංගමයක් ආරම්භ කරන බවද රණවිරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ සඳහා විදේශ සංවිධානවල සහය ලබාගන්නා බවද උන්වහන්සේ පැවසීය.

ජාතික හිමිකම් සංවිධානය යනු කුමක්දැයි මාධ්‍යවේදීන් උන්වහන්සේගෙන් විමසා සිටි අවස්ථාවේදී "අපි  දේශපාලනයට ඉහළින් යන සංවිධානයක්" යැයිද කිසිදු දේශපාලන පක්ෂයක් සමග සම්බන්ධ නැතැයිද, බෙදුම්වාදයට විරුද්ධ නම් එම පක්ෂය සමග සම්බන්ධ වන බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.