යාපනය සරසවි ගැටුම - සිසුන් 7ට නොතීසි

යාපනය සරසවි ගැටුම - සිසුන් 7ට නොතීසි

July 26, 2016   05:07 pm




යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඇති වු ගැටුමට සම්බන්ධ සිසුන් හත්දෙනෙකුට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබේ.

සැප්තැම්බර් මස පළමු වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට යාපනය මහේස්ත්‍රාත් එස්.සදීෂ් කුමාර් මහතා විසින් එම නොතීසි නිකුත් කර ඇති බව සඳහන්ය.

ගැටුම සම්බන්ධයෙන් කෝපායි පොලීසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ තොරතුරු මත පදනම්ව එම නොතීසි නිකුත් කර ඇත.

ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් ලබාදුන් කටඋත්තර සහ සිද්ධියට අදාළ විඩීයෝ දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැකකාර සිසුන් පිළිබඳ කෝපායි පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර මෙම ගැටුමට අදාළව යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සභාපති දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එම්.ඒ.සුමන්තිරන් මහතා මගින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වු අතර එහිදී ඔහු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කරනු ලැබුවේය.