කැලණි නවකවධ සිද්ධියේ සිසුන් 8ට ඇප

කැලණි නවකවධ සිද්ධියේ සිසුන් 8ට ඇප

July 26, 2016   04:57 pm




නවකවධය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි කැලණිය සරසවි සිසුන් 8දෙනෙකුට ගම්පහ මහාධිකරණය අද ඇප ලබාදෙන ලෙසට නියෝග කර තිබේ.

මෙම සිද්ධියට අදාළ නඩුව විභාග කෙරෙන්නේ මහර මහේස්ත්‍රාත් අධිකරණයේය.

ඒ අනූව ඔවුන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා කළ ඉදිරිපත් වූ පෙත්සම් 3ක් පසුගියදා එම අධිකරණයේදී ප්‍රතික්ෂේප වී තිබිණ.

කෙසේ වෙතත් අද මෝසමක් මාර්ගයෙන් ගම්පහ මහාධිකරණයට මේ පිළිබඳ කරුණු දැක්වීමෙන් පසු  ඔවුන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට නියම කර ඇත.

ඒ අනූව මේවන විට රිමාන්ඩ් භාරයේ පසුවන සිසුන් 8 දෙනාගේ ඇප ඉල්ලුම්පත්‍රය හෙට මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අප වාර්තාකරු කීවේය.