රත්‍රං සමග රට පනින්න ගිය බංගලියා මාට්ටු
July 26, 2016 04:38 pm
නීති විරෝධීව රත්‍රං තොගයක් රැගෙන විදෙස් ගතවීමට උත්සාහ කළ බංග්ලාදේශ ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
බංග්ලාදේශයේ, ඩකා නුවර බලා පිටත්ව යාමට සූදානම්ව සිටිය දී සැකකරු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය රේගු අධ්යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේය.
ඔහුගේ ගමන් බෑගයේ සඟවා තිබූ රන් කැබලි 8ක් සහ පාවහන් යුවළේ තිබූ රන් කැබිලි 3ක් සහ රන් මාල 8ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
එම රත්‍රං තොගයේ බර ග්‍රෑම් 1150ක් වන බව පරාක්‍රම බස්නායක මහතා පැවසුවේය.