නාලක ගොඩහේවා - වෙලේසුදා නඩු විභාගයට දින තීන්දුයි
July 26, 2016 04:11 pm
පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල වී සිටින විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට අදාළ නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.
අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ විත්තිකාර නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනා අධිකරණය හමුවේ පෙනී සිටි බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
ඒ අනුව නඩු විභාගය ඔක්තෝබර් මස 19 වැනිදා පවත්වන බව කොළඹ මහාධිකරණය දැනුම් දී ඇත.
විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් තාරුණ්‍යයට හෙටක් සංවිධානය සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති බව සඳහන්ය.
මේ අතර මරණ දඬුවම නියම වී සිටින සමන්ත කුමාර නොහොත් වෙලේ සූදා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම කොළඹ මහාධිකරණය කල් දමා තිබේ.
අගෝස්තු මස 31 වැනිදා නඩුව විභාගය ගන්නා බව මහාධිකරණය දැනුම් දී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලෙන් කොළඹ, දෙහිවල සහ රාජගිරිය ප්‍රදේශවල දේපල මිලදි ගැනීම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වෙලේසුදා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුව පවරා තිබුණි.
එම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ වෙලේසුදාගේ බිරිඳ සහ ඥාති සහෝදරියක් බව සඳහන්ය.