මව්බිමත් මව්බසත් අමතක නොකර රටට සේවය කරන්න

මව්බිමත් මව්බසත් අමතක නොකර රටට සේවය කරන්න

July 26, 2016   03:19 pm




ලෝකයේ කිසිම රටකට යටනොවන භාෂාවක් කුමාරතුංග මුණිදාස මහතා ප්‍රාර්ථනා කළ බව ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

කුමාරතුංග මුණිදාස මහතාගේ 129 වැනි ජන්ම දින සැමරුම් උත්සවයක් ඊයේ කොළඹ, කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්වුණ අතර එහිදී සිසුන් පිරිසකට"කුමාරතුංග මුණිදාස සිසුවරම" ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුවිය.

එහිදී රැස්ව සිටි පිරිස අමතමින් ඔහු කියා සිටියේ  මව්බිමත් මව්බසත් අමතක නොකර පෙරළා රටට සේවය කිරීමට දූ පුතුන් සිතාගත යුතු බවයි.

අද රටට අවශ්‍ය කුමාරතුංග මුණිදාස වැනි හෘද සාක්ෂිය ආමන්ත්‍රණය කළ හැකි බුද්ධිමතුන් හා ප්‍රාඥයින් බවද එහිදී හෙතෙම වැඩිදුරටත් පැවසීය.