අබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප සූදානම්-ඒත් කාලයක් කියන්න බෑ

අබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප සූදානම්-ඒත් කාලයක් කියන්න බෑ

July 26, 2016   02:32 pm


විරෝධතාවයේ යෙදෙන විශ්‍රාමික ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයින්ට විශ්‍රාම වැටුප් ලබාදීමට කටයුතු කළ හැකි නමුත් දින වකවානු කිවනොහැකි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩයර් ජයනාත් ජයවීර මහතා පවසයි.

කොටුවේ විරෝධතාවයේ යෙදී සිටින උද්ඝෝෂකයින් අතර සේවා කාලය වසර 10 ට පවා අඩු අයද සිටින බැවින් එම ක්‍රියාදාමය සංකීර්ණවී ඇති බව හෙතෙම කියා සිටියේ අද(26)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එසේම මෙම පිරිසට දැනට මාසික වැටුපත්,අබාධිත රණවිරු දීමනාවත් ලැබෙමින් පවතින බවත්,විශ්‍රාම වැටුප ලබාදීමේ පවත්නා සංකීර්ණ ගැටළු හඳුනා පිළියම් යෙදීමට තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

එහෙත් මෙම මාධ්‍ය හමුවට ආරක්ෂක ලේකම්වරයා නොපැමිණියේ මන්දැයි මාධ්‍යවේදියෙකු විසින් විමසන ලද අතර ඊට ප්‍රතිචාර දක්වමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා ආරක්ෂක ලේකම්වරයා නොපැමිණි බවයි.