ආබාධිත විරුවන්ගේ විරෝධය තවදුරටත්

ආබාධිත විරුවන්ගේ විරෝධය තවදුරටත්

July 26, 2016   12:13 pm

තම විශ්‍රාම වැටුප් ගැටලුවට විසඳුමක් ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් ඊයේ ආරම්භ කළ උපවාසය  තවදුරටත් කොටුව දුම්රියපළ ඉදිරිපිට දී පැවැත්වෙයි.

උපවාසයට එක්ව සිටින ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ කළුතර දිස්ත්‍රික් ලේකම් අනුර උඩවත්ත මහතා සඳහන් කළේ තම ගැටලුවට විසඳුම් ලබාදෙන බවට රජය විසින් මේ වන තෙක් දැනුවත් කර නොමැති බවයි.

මේ සඳහා බලධාරීන්ගේ අවධානය වහාම යොමු කළ යුතු බව ඔවුන් කියයි.

විරෝධතාකරුවන් දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ වාඩිවී සිටින අතර අද එක් මංතීරුවක් වාහන ගමනාගමනයට විවෘත කර ඇත.