ජපානයේ ආබාධිතයින් 19ක් ඝාතනය කෙරේ
සයුරෙන් එතෙර

ජපානයේ ආබාධිතයින් 19ක් ඝාතනය කෙරේ

July 26, 2016   11:47 am



ජපානයේ සගමිහාරා ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී ආබාධිත පුද්ගලයින් 19 දෙනෙකු ඝාතනය කර තිබේ.

ප්‍රදේශයේ ආබාධිත මධ්‍යස්ථානයකට කඩාවැදුණු පුද්ගලයෙකු විසින් මෙම ඝාතන සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

එහිදී අදාළ පුද්ගලයා විසින් තවත් ආබාධිත පුද්ගලයින් 45 දෙනෙකුට කැපුම් තුවාල සිදුකර ඇති අතර ඔවුන්ගෙන් 18 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

ඝාතනවලට සම්බන්ධ සැකකරු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 26 හැවිරිදි පුද්ගලයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරිම්වල දී සැකකරු පවසා ඇත්තේ තමාට ආබාධිත පුද්ගලයින් තුරන් කිරීමට අවශ්‍ය  බැවින් එම ඝාතනයන් සිදුකර ඇති බවයි.