සංහිඳියාව ඇති කළ යුත්තේ පාසලෙන්
July 25, 2016 11:08 am
රට තුළ සංහිඳියාව ඇති කළ යුත්තේ පාසල තුළින් බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ රට තුළ ජාතිවාදී හැගීම් ඇති කිරීමට ඉඩ නොතබන බවයි.
හාලිඇළ පොදු ක්‍රීඩංගණයේ පැවැති සහෝදරත්වයේ ජාතික ක්‍රීඩා උළෙලට සහභාගීවෙමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මේ අතර වත්මන් ආණ්ඩුව එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
දෙමළ ජනතාව යළිත් ඊලමක් බලාපොරොත්තු නොවන බව ජාතික සංවාද පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පෙන්වා දෙයි.