කුෂන් වැඩපොළ ගින්නෙන් විනාශයි

කුෂන් වැඩපොළ ගින්නෙන් විනාශයි

July 25, 2016   09:26 am



කෑගල්ල, කරඩුපාන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එම ස්ථානයේ කුෂන් වැඩපොළක ගින්න හටගෙන ඇති බවයි.

මාවනැල්ල ප්‍රාදේශීය සභාව, මහනුවර ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසින්ගේ සහය ඇතිව ගින්න මැඩපැවත්වූ බව පොලීසිය පැවසුවේය.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් ජිවිතහානි කිසිවක් සිදුව නොමැති බව සඳහන්ය.

සිදු වූ දේපල හානිය පිළිබඳ මෙතෙක් තක්සේරුකර නොමැති අතර කෑගල්ල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.