අක්‍රමිකතා සොයන්න ජන සභාවක්

අක්‍රමිකතා සොයන්න ජන සභාවක්

July 25, 2016   09:04 am



ඛණිජ තෙල් සහ ගල් අගුරු මිලදී ගැනීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා ජන සභාවක් පිහිටුවීමට බලාපොරොත්තු වන  බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ ඛණිජ තෙල් සහ ගල් අගුරු මිලදී ගැනිමේදී සිදු වූ අක්‍රමිකතා සියල්ල මේ වන විට නතර කිරීමට හැකි වී ඇති බවයි.

මිද්දෙණිය ප්‍රදේශයේ පැවැති උත්සවයට එක්වෙමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.