පළාත් පාලන ආයතන 23 කාලය ආයෙමත් දිගු කරන්නේ නෑ
June 30, 2016 09:51 pm
අදින් නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන 23ක කාලය තවදුරටත් දිගු නොකරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
අද දෙරණ කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 23ක නිල කාලය පසුගිය ජනවාරියේදී මාසයේදී අවසන් විය.
ඒ අනූව ඒවායේ කාලය මාස 6කින් දිගු කළ අතර එය අදින් අවසන් වේ.
ඊට ප්‍රාදේශීය සභා 5ක්, එක් නගර සභාවක් සහ මහ නගර සභා 17ක් ඇතුළත්ය.
ඒ කොළඹ, දෙහිවල - ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ගම්පහ, මීගමුව, කුරුණෑගල, මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, අනුරාධපුර, මොරටුව, බදුල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට, කල්මුණේ යන මහ නගර සභාත්, කොලොන්නාව නගර සභාව සහ කොටිකාවත්ත - මුල්ලේරියාව, කුණ්ඩසාලේ, කඩවත්සතර, සූරියවැව, හම්බන්තොට සහ යන ගඟවටකෝරළේ ප්‍රාදේශීය සභාවන්ය.
දිවයින පුරා පළාත් පාලන ආයතන 335ක් පැවැති අතර ඉන් පළාත් පාලන ආයතන 312 ක නිල කාලය 2015 මාර්තු 31 දා අවසන් විය.
ඒවායේ පරිපාලන කටයුතු කොමසාරිස්වරුන් සහ නාගරික ලේකම්වරුන් විසින් වසරකුත් මාස තුනක් තිස්සේ සිදුකරගෙන යයි.
කාලය අවසන් වීමට නියමිත පළාත් පාලන ආයතන 23 ක නිලකාලය පසුගිය වසරේ (2015) ඔක්තෝබර් 31 වැනිදායින් නිමවීමට තිබියදී ජනාධිපතිවරයා විසින් 2015 දෙසැම්බර් 31 වැනිදා දක්වා ප්‍රථම වරට දීර්ඝ කරන ලදී.
පසුව දෙසැම්බර් 31 දක්වා දිගු කළ පළාත් පාලන ආයතන 23 ක නිල කාලය 2016 ජුනි 30 වැනිදා දක්වා දෙවැනි වරටත් දීර්ඝ කිරීමට ඔහු කටයුතු කළේය.